May 20, 2024

අනතුරින් ලොරිය දෙකට වෙන් වේ

යාපනය මහනුවර ඒ-9 ප‍්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය පලෙයි පුදුක්කාඩු මංසන්ධියේදී එලවළු ලොරියක් අණතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබීය.

යාපනය නෙල්ලියඩි ප‍්‍රදේශයේ සිට දඹුල්ල දක්වා එලවළු ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මෙසේ අනතුරට ලක් වී ඇති අතර එලවළු ලොරිය මාර්ගයේ ගමන් කරන විට පසුපස රෝදයේ හුලං යාම හේතුවෙන් ලොරිය මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි විශාල කොහොඹ ගසක වැදීමෙන් අනතුර සිදුව ඇත.

කොහෝඹ ගසේ වැදීම නිසා ලොරියේ ඉදිරි පස දෙකට පැලී ඇති අතර ලොරයේ ඉදිරිපස ගමන් ගත් අයගෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මිය ගොස් අත. අනෙක් තැනත්තා යාපනය මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත. 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 10:53