May 20, 2024

ශ්‍රීලංනිප මහලේකම් ‘යාපා’ පොලිසියට එන බව දන්වයි

පැවැති මහින්ද රජයේ තෙල් සංස්ථාව බාරව කටයුතු කළ අමාත්‍යවර‍යෙකු වන අනුර ප්‍රියදර්ශණ යාපා මහතාගෙන් අද උදෑසන (20) ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා  කොළඔ පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට කැඳවා ඇති අතර මේ වන තෙක් හිටපු අමාත්‍යවරයා ඒ සඳහා සහභාගී වී නොමැති බව වාර්තා විය.

2014 ජුනි මාසයේ ඇමති අවසරයකින් තොරව ගෙන ආ බව කියන ඉන්ධන තොගයකින් තෙල් සංස්ථාවට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදු වී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු එහි කැඳවීමට පියවර ගෙන තිබේ.

එහිදී හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා ඇත්තේ අද උදෑසන කාලයේ තමා රැස්වීමක සිටින බැවින් එම කටයුතු අවසන් වූ වහාම කොළඔ පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට පැමිණ අදාළ කටයුතු සඳහා සහභාගී වන බවය.

වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වන්නේද මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාය. 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 11:56