May 20, 2024

මැතිවරණ සංශෝධන ගැන පක්ෂ නායක සාකච්ඡාවක් අද - මැ.කොගෙන් විශේෂ වාර්තාවක්  

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව පක්ෂ නායකයන් සහභාගි වන විශේෂ සාකච්ඡාවක් අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.

මෙහිදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් එම සංශෝධන සිදුවිය යුතු ආකාරය පිළිබඳව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබේ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සහ ඉදිරිපත්ව ඇති පක්ෂ, මැතිවරණය පැවැත්විය හැකි ආකාරය පිළිබඳව කොමසාරිස්වරයා විසින් අද පක්ෂ නායකයන්ට අදාළ වාර්තාව මගින් දැනුම් දීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් පසුගිය 18  වැනි දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් නව මැතිවරණ ක්‍රමය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

ඉන් අනතුරුව පක්ෂ නායකයන්ද තම තමන්ගේ අදහස් ඉදිරිපත් කළ අතර පසුගිය මැතිවරණ පැවැත්වූ ආකාරය පිළිබඳව ද සොයා බැලිය යුතු බවට පක්ෂ නායකයන්ගේ අදහස වී තිබිණ.

ඒ අනුව අද (20) දිනය දක්වා මෙම රැස්වීම කල් දැමූ අතර අද දිනයේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නව මැතිවරණ ක්‍රමය සහ සංශෝධනය පිළිබඳව විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද එකඟ විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 09:21