May 20, 2024

එතනොල් මන්ත්‍රීවරු 4ක් පාර්ලිමේන්තුවේ - ඇමති රවී කියයි

දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් එතනෝල් ජාවාරමට සම්බන්ධ වී ඇති බවත් එතනොල් මෙරටට ගෙන්වීමේදී මන්තී‍්‍රවරුන් සිව් දෙනෙකු ඊට සම්බන්ධ වී ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප‍්‍රකාශ ක‍ළේය. 

ඔහු ඒ බව සඳහන් කළේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එතනෝල් මද්‍යසාරය යොදා මත්පැන් නිෂ්පාදනය කරන ව්‍යාපාරයට සම්බන්ධ මන්ත්‍රීන් සිව්දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවත් පසුගිය රජය කාලයේ සිට ඊට සම්බන්ධ මෙම මන්ත්‍රීන්ගේ නම් මෙම අවස්ථාවේ හෙළි නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔවුන්ගේ නම් දැන් හෙළි නොකරන නමුත් තම ප්‍රකාශය වැරදි නම් ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස විපක්ෂයට අභියෝග කරන බවද මුදල් ඇමැති කරුණානායක මහතා පැවසී ය.

‘ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය වටේම දියවන්නා ඔයේ ජලකඳ. මට දැන් හිතෙනවා අපි ඉන්නේ ජල කඳක් මැද්දේ නොවන බව. දැන් හිතෙන්නේ අපි එතනෝල් ගඟක් මැද්දේ සිටින බවයි‘ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද ඒ අවස්ථාවේ මැතිසබේ සිටි නමුත් ඔහු හෝ අන් කිසිවකුත් මුදල් ඇමැතිගේ අභියෝගය බාර ගෙන තොතිබිණි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 10:36