May 20, 2024

මහින්දගෙන් රාජිතගේ නෝනට දුරකතන ඇමතුමක් - රාජිත හෙළි කරයි (VIDEO) 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග තමන්ගේ කිසිදු පෞද්ගලික ප්‍රශ්නයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු ලෙසිනි.

තමන් දේශපාලනය නොකරන්නේ නම්, මහින්ද රාජපක්ෂ තමන්ගේ හොඳ ම මිතුරෙකු බව හෙතෙම සඳහන් කළේය.

“කිසිම ප්‍රශ්ණයක් තිබුණෙ නෑ රාජපක්ෂ පවුලත් එක්ක. දැන් පෙරේදත් මහින්ද රාජපක්ෂ මගේ නෝනට කතා කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඕනම එකක් කතා කරලා කාල්ටන් එකේ. අපිට පුද්ගලික ප්‍රශ්ණයන් නෑ ඒ ගොල්ලොත් එක්ක. මගේ දීර්ඝ කාලීන මිත්‍රයා.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 March 2015 11:15