May 20, 2024

අනුර ප්‍රියදර්ශන යාපා හෙට පොලිසියට කැඳවලා ලු

පැවැති මහින්ද රජයේ තෙල් සංස්ථාව බාරව හිටපු අමාත්‍යවර‍යෙකු වන අනුර ප්‍රියදර්ශණ යාපා මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (20) කොළඔ පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට කැඳවනු ඇති බවට මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කර තිබේ.

2014 ජුනි මාසයේ ඇමති අවසරයකින් තොරව ගෙන ආ බව කියන ඉන්ධන තොගයකින් තෙල් සංස්ථාවට රුපියල් කෝටි ගණනක අලාභයක් සිදු වී ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලක් අනුව ඔහු එහි කැඳවීමට නියමිත බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව ඒෂියන් මිරර්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ මේ වන තෙක් එවැනි තත්ත්වයක් පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවත් හෙට (20) උදෑසන ඊට පිළිතුරු ලබා දිය හැකි බවත්ය.

Rate this item
(0 votes)