May 20, 2024

GSP + ගැන කතා කරන්න සඳුදා නියෝජිතයින් එයි

යුරෝපා සංගම් ජී.එස්.පි.ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹීමට නියමිතව ඇත.

ඒ අනුව එකී සාකච්ඡා සඳහා යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් සඳුදා (23) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

ඔවුන් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා සමග එම සහනය යළි ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කරනු ඇති.

පැවති පසුගිය රජය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරිමේ චෝදනාව මත යුරෝපා සංගමය විසින් 2010 වසරේදි මෙරට නිෂ්පාදිත ඇගලුම් ඇතුළු භාණ්ඩ 300 කට ලබාදී තිබූ ජී.එස්.පී.ප්ලස් බදු සහනය අත්හිටුවීමට ක්‍රියා කර තිබුණි.

Rate this item
(0 votes)