May 20, 2024

'අලි රොෂාන්' විකුණූ අලි පැටවෙකු කණ්ඩලමේදී සොයාගනී

බලපත්‍රයක් නොමැතිව දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ ගෙවත්තක රඳවා සිටි අවුරුදු පහක අලි පැටවකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අනවසර අලි පැටවුන් ළඟ තබා ගත්තැයි රිමාන්ඩ් භාරයේ සිටින ‘අලි රොෂාන්‘ නැමැත්තා මෙම ඇත් පැටවා පළාත් සභා මන්ත්‍රීවරයකුට විකුණා ඇති බවත් හෝමාගම මොරගහහේනේ රඳවා සිටි අලියා පසුව කණ්ඩලමට  රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

ඇත් පැටවා දඹුල්ල පොලීසියේ සීගිරි වනජිවී කාර්යාලයේ වන සත්ව නියාමක ධම්මික පෙරේරා මහතා බාරයේ තබා ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)