May 20, 2024

විදේශ ගමන් බලපත්‍රයට ඇඟිලි සලකුණුත් - පනත සංශෝධනයට

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී හා අලුත් කිරීමේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවට එම බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට හැකිවනු පිණිස අවශ්‍ය විධිවිධාන සැලසීමට ආගමන විගමන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ සඳහා 1948 අංක 20 දරන ආගමන විගමන පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

 

Rate this item
(0 votes)