May 20, 2024

'එතනෝල් ගෙන්වීමට ආයතන හැටකට බලපත්‍ර දීලා' - මුදල් ඇමති හෙළි කරයි

පසුගිය වසර තුනක කාලය තුළ සුවඳ විලවුම් සඳහා එතනෝල් ලීටර් මිලියන 413,000ක් මෙරටට ආනයනය කර ඇති බවත් එම එතනෝල් ප්‍රමාණය ගෙන්වා ඇත්තේ සුවඳ විලවුම් නිපදවීමට පමණක් ද නැතිනම් වෙනත් කරුණක් සඳහා ද යන්න සොයා බලන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශ කළේය.

පසුගිය වසරවල මසකට එතනෝල් කන්ටේනර් විස්සක්, විසිපහක් වැනි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු තිබෙන බවත් පසුගිය මාසය තුළ එක එතනෝල් කන්ටේනරයක් අත් අඩංගුවට ගත් බවත් ඒ පිළිබඳ මේ වන විටත් විමර්ශනයක් සිදු කරමින් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.

පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. 

එතනෝල් ගෙන්වීම සඳහා ආයතන හැටක් බලපත්‍ර ලබාගෙන ඇති බවත් ජනවාරි 08 වැනිදාට පෙර එතනෝල් ව්‍යාපාරය අධික ලාභයක් ලැබූ ව්‍යාපාරයක් වුවත් දැන් එය තහනම් කර ඇති බවත් දී ඇති බලපත්‍රවලට නිසියාකාරව බදු ගෙවනවාද යන්න නිරන්තරයෙන් සොයා බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

 

 

 

 

 

 

 

Rate this item
(0 votes)