May 20, 2024

අධිකරණ ඇමතිත් මන්ත‍්‍රී සරණ බලන්න යයි 

අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (19) මහර බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී එහි රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසා බැලිමට කටයුතු කළේය.

අමාත්‍යවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරිම සදහා නව ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන ඒකකය මහර බන්ධනාගාරයේ දි විවෘත කිරිමෙන් අනතුරුව දැනට බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රි සරණ ගුණවර්ධන මහතාගේ සුවදුක් විමසා බැලිමටද කටයුතු කළේය.

ඔහු එහි යෑමට මද වේලාවකට කළින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සරණ ගුණවර්ධන මහතා බැලීමට එහි ගොස් බන්ධනාගාරයෙන් නික්ම ගිය බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 March 2015 15:00