May 20, 2024

ෆොන්සේකාට 22 වැනි දා උසස්වීමක්

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ලබන 22 වැනි දා ෆීල්ඩ් මාෂල් නිලයට උසස් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ පිළිබඳ නිල උත්සවය ලබන 22 වන දා පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්ත මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

නිල උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්වෙන බව වාර්තාවේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙම නිලයට පත් වූ පළමු නිලධාරියා බවට ඔහු පත්වනු ඇත.

1970 කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක් වූ සරත් ෆොන්සේකා මහතා 2009 වසරේ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දරමින් සිටියදී ය.

සරත් ෆොන්සේකා මහතා තිස් වසරක යුද්ධයේ අවසන් සටනේ යුද්ධ හමුදාපතිවරයා ලෙස කටයුතු කළේය.

කිසිදු දිනක විශ්‍රාම නොයන ෆීල්ඩ් මාෂල් තනතුර කැබිනට් අමාත්‍යවරයකු හා සමතැන් ගන්නා තනතුරකි.

මෙය රටක ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලය වේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 March 2015 07:48