May 20, 2024

මහින්දගේ මැතිවරණ මෙහෙයුමට සියල්ල සූදානම් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක ඇතුළත රාජගිරිය, කොස්වත්ත පාරේ පිහිටි පීකොක් මන්දිරයේ පදිංචියට පැමිණීමට නියමිත බව වාර්තාවේ.
 
රාජගිරියේ පිහිටි එම මන්දිරය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා තරග කිරීමට තීරණය කර ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයුම් කාර්යාලය බවට මෙම නිවස පත්කරගැනීමේ සූදානමක් පවතින බවද වාර්තා වේ.
 
මීට අමතරව හිටපු ජනාධිපතිවරයා අනුරාධපුර, පොළොන්නරුව හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද (19) නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
 
Rate this item
(0 votes)