May 20, 2024

භාරත ඝාතන නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීමට අදාළ නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ මහවිනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ති‍බේ.

ඒ අනුව සුවිශේෂී අධිකරණ කටයුත්තක් ලෙස සලකා එකී ඝාතන චෝදනා නඩුව සඳහා මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපති සුවන්ජන් විජේතිලක මහතා එමගින් අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතාගෙන් ඉල්ලා තිබේ.

නීතිපතිවරයා විසින් අදාළ ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වේ.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මිනීමැරුම් නඩුවක් විභාගයට ගැනීමේදි ජූරි සභාවක් ඉල්ලා සිටීමේ අවස්ථාව විත්තිකරුවන්ට මඟහැරී යන බව සඳහන් වේ.

 

Rate this item
(0 votes)