May 20, 2024

ප්‍රශ්න නිරාකරණයට ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි - ජනපති

රැකියා දීමට හෝ පඩි වැඩි කිරීම වැනි දේවලට  වඩා ඉහළින් තිබෙන ප්‍රශ්න නිරාකරණය කිරීමට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය බවත් විශේෂයෙන් රට තුළ තිබෙන ජනවාර්ගික ප්‍රශ්නය ඇතුළු මූලික ප්‍රශ්නවලට ගත යුතු තීන්දු තීරණ ගැනීමට මෙම ජාතික ආණ්ඩු සංකල්පය ඉතා වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමා බලයට පත් වූ අරමුණුවලින් ප්‍රධාන අරමුණක්‌ වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බවත් එය ස්‌ථිර වශයෙන් ම කරන බවත් ඊයේ (18) උදේ ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් හමු වූ අවස්‌ථාවේදී ජනාධිපතිවරයා පැවසීය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු මැතිවරණයකට යන අතර, තම පක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට මෙන්ම තමන්ට බලයට පත් වීමට උපකාර කළ එක්‌සත් ජාතික පක්‍ෂයට ද අකෘතඥ නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

“1978 දී හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය ගැන මුල සිටම බලවත් විරෝධයක්‌ ඇතිව තිබුණා. 18 වන සංශෝධනය බලාත්මක කළ පසු එම ක්‍රමය තවදුරටත් අප්‍රසාදයට ලක්‌ වුණා. මා බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නයි. එය මගේ ප්‍රධානතම අරමුණක්‌. මා බලයට පත් වීමෙන් පසු කිසිදු පක්‍ෂයක ඉල්ලීමකින් හෝ බලපෑමක්‌ නැතිවම ජනාධිපති ධුරයේ නිල කාලය වසර 6 සිට 5 දක්‌වා අඩු කළා. පාර්ලිමේන්තුවේ නිල කාලයත් වසර 5 දක්‌වා පහළ ගෙනාවා. මා දන්නා තරමින් ලෝකයෙ කිසිදු රටක ජනාධිපතිවරයකුගේ නිල කාලය අවුරුදු 6 ක්‌ වන්නේ නැහැ. එය එක්‌කෝ වසර 5 යි. නැත්නම් 4 යි.“ යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

 

Rate this item
(0 votes)