May 22, 2024

කටුණායක ගුවන් තොටුපලේ පරිගණක පද්ධතිය හදිසියේ බිඳ වැටෙයි

කටුණායක ගුවන් තොටුපළ ආගමන විගමන අංශයේ පරිගණක පද්ධතිය හදිසියේ බිඳ වැටී ඇති බව එහි සිටින අප වාර්තාකරු පැවසීය.

මෙම පද්ධතිය කොළඹ ප්‍රධාන කාර්යාලය හා සම්බන්ධව පවතින අතර එහි ඇතිව තිබෙන ගැටළුවක් හේතුවෙන් මෙම තත්ත්වය මතු වන්නට ඇතැයි එහි නිලධාරීන් පවසන බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

අද දහවල් 12.10 ට පමණ මෙම පරිගණක පද්ධතිය බිඳ වැටී ඇති අතර 1.30 ට පමණ එහි කාර්ය මණ්ඩලය පරිගණක දත්ත නොමැතිව ලිපි ලේඛන මත ගුවන් මගීන්ගේ වීසා බලපත්‍ර පරීක්ෂා කිරීම් සහ සේවා සැපයීම් අරඹා තිබුණි.

අප වාර්තාකරු පැවසූවේ මේ වන විටත් මෙම පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්ව නොමැති බවය.

ටී කේ ජී කපිල - කටුණායක

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 16:00