May 11, 2024

ඇමති අර්ජුන ‘නිදහස් පක්ෂයෙන්’ඉදිරි මැතිවරණයට එයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් 2010 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අතරතුර වරාය හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතා මේ බව පවසා ඇත. තමාට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගම්පහ දිස්ත්‍රීක්කයේ ආසන සංවිධායක ධූරය බාරගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇතැයිද එහිදී අර්ජුන රණතුංග මහතා පවසා ඇති අතර කාර්යබහුලතාවය නිසා ඊට පිළිතුරක් නොදුන් බවද පවසා තිබේ.

ඒ අනූව ඉදිරියේදී තමන් එම පක්ෂයෙන් මැතිවරණයට තරඟ කරන බවයි ඒ මහතා පවසා ඇත්තේ.

Rate this item
(0 votes)