May 11, 2024

ජනපතිගේ අමාත්‍යාංශයට "සොබාදම් පියස" නමින් නව ගොඩනැගිලි සංකීර්ණයක් 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ ඉදිකෙරෙන "සොබාදම් පියස" අභිනව ගොඩනැගිලි සංකීර්ණයට මුල් ගල් තැබීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (18) පෙරවරුවේ සිදු විය.

අද පෙරවරු 10.10 ට යෙදුනු සුබ මොහොතින් ජනාධිපතිවරයා අතින් නව ගොඩනැගිලි සංකීර්ණයට මුල් ගල් තැබිණි.

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජය අමාත්‍ය වසන්ත අලූවිහාරේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරිහු ඊට එක්ව සිටියහ.

Rate this item
(0 votes)