May 10, 2024

අගමැතිගේ කමිටුව ‘හොරාගේ අම්මා’ වගේ

ජනතාවට සත්‍ය වසන් කරමින් එජාපයේ ආශීර්වාදයෙන් මහ බැංකුව තුළ සිදු කරන ලද බැදුම්කර ගනුදෙනුව සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ එජාප පාක්ෂික නිතිඥවරු තිදෙනාගේ කමිටුව ‘හොරාගේ අම්මාගෙන් පේන අහනවා’වැනි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසූවේ මීට සුළු මොහොතකට පෙර කොළඹ මහ බැංකුව ඉදිරිපිට පැවැත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයට එක් වෙමිනි.

අදාළ පක්ෂ දෙකේ නිලධාරීන්ගේ දැනුවත්භාවය පිට මෙම විරෝධතාවය සංවිධානය වූ බවද හෙතෙම පෙන්වා දුනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේ  “අගමැති තුමා කිව්වා එක්සත් ජාතික පක්ෂයට හොර වැඩ කරන්න බෑ. කරපු ගමන් අහු වෙනවයි කියලා. ඒ කියන්නේ අගමැතිවරයා පිළිගන්නවා මෙතන හොර වැඩක් වෙලා තියෙනවයි කියලා”. යනුවෙනි.

Rate this item
(0 votes)