May 11, 2024

සජින් වාස්ගෙන් මූල්‍ය වංචා අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගෙන් මේවන විට මූල්‍ය වංචා අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.

අද (18) උදෑසන 9ට පමණ මූල්‍ය වංචා කොට්ඨාසයට පැමිණෙන ලෙස මන්ත්‍රීවරයාට දන්වා තිබූ බව පොලීසිය පැවසීය.

මහජන බැංකුවට අනුබද්ධ පීපල්ස් ලීසිං සමාගමෙන් වාහන 33ක් ලබා ගැනීම සඳහා රාජ්‍ය මුදල් අක්‍රමිකතාවයක් සිදුකළ බවට ලැබුණු පැමිණිල්ලකට අනූව මෙම ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තාවේ.

මේ අතර පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද සජින් ද වාස් ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණ.

 

Rate this item
(0 votes)