May 11, 2024

‘මහින්ද මට පක්ෂය භාර දුන්න නම් කරගෙන යන්න දෙන්න ඕන’ - ජනපති කියයි (VIDEO)

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා තමන්ට පක්ෂය බාරදුන්නානම් එය තමන්ට කරගෙන යාමට අවස්ථාව දිය යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසිය. 

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඊයේ (16) හමුවූ අවස්ථාවේදී ය.

“තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ මහත්මයා මට පක්ෂෙ භාර දුන්න නම්, මට මේ පක්ෂෙ කරගෙන යන්න දෙන්න ඕන. ඒක බොහොම පැහැදිලිව මං කියන්නට ඕන. තමුන්නාන්සේලාගේ හෘද සාක්ෂිය තුළ තමුන්නාන්සේලා තීන්දු කරන්න මම සභාපති වුණාට පස්සේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලයි කියලා තම තමන්ට ඕන විදිහට කතා කරන්න පටන් අරන් තියෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. අනාගතයේ මේ රටේ යුද්ධයක් එන්නේ නැතුව සැබෑ සාමයක් රට තුළ ඇති කරගෙන යන්න. මේ අවුරුදු 2ක්වත් එකට වැඩ කරමු කියලා කිව්වෙත් ඒ ප්‍රශ්න ටික විසඳගන්න“ යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂය භාර දීමෙන් පසු පක්ෂයේ වැඩ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවූ බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 09:47