May 14, 2024

බැසිල්ගේ ලේකම්ගෙන් ප්‍රශ්න කරයි

දිවිනැගුම ව්‍යාපෘතියේ සිදු වී ඇති බව කියන රුපියල් කෝටි ගණනක මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය ඊයේ (17) ප්‍රශ්න කළේය.

දිවි නැගුම ව්‍යාපෘතියේ සිදු වී ඇතැයි කියන මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ජයතිලක මහතාට දැනුම් දී තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරු 9.00 ට පමණ නිහාල් ජයතිලක මහතා මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටි අතර දහවල් වනතුරුත් ප්‍රශ්න කරමින් තිබිණි.

මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 11:10