May 14, 2024

මහජන සාමය අමාත්‍යාංශයේ වැඩබැලීමට ඇමති විජේදාස පත් කරයි

මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇති බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විදේශ නිල සංචාරයක නිරත වී ඇති බැවින් එම කාලපරිච්ජේදය වෙනුවෙන් මෙම පත්කිරීම සිදු කර ඇත.

 

Rate this item
(0 votes)