May 14, 2024

මහවැලි ගඟේ වැලි දැන් ඉවුරේ ඉඳන්ම ගොඩ දාන්න පටන්ගෙන

මනම්පිටිය මහවැලිගඟ අසළ වැලි ගොඩදැමීමේ කම්කරුවන් විසින් මේ වන විට දෙවැනි දිනටත් උපවාසයේ නිරත වෙයි.

ඒ ඊයේ සිට ක්‍රියාත්මක වූ වැලි ගොඩ දැමීමේ ක්‍රියාවලිය තුළ තමන් අපහසුතාවයට පත් කෙරෙන ක්‍රමවේදයන් රැසක් පවතින බවට සඳහන් කරමිනි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මීට පෙර සිටි වැලිමංකඩ හිමියන් ඉවත් කර කම්කරුවන් වන තමන්ට වැලි සමාගමෙන් තනි වශයෙන් බලපත්‍ර ලබා දී වැලි ගොඩ දැමීමට අවස්ථාව ලබා දීම තුළ ඊට අවශ්‍ය ආම්පන්න සොයා ගැනීමට සහ ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට තමන්ට සිදුව ඇති බවය.

මීට පෙර වැලිමංකඩ හිමියන් විසින් බලපත්‍ර ලබා ගෙන තමන් වැනි කම්කරුවන් යොදා ආම්පන්න සියල්ල ලබා දී වැලි ගොඩ දැමූ අතර එහිදී තම ගාස්තු වශයෙන් වැලි කියුබ් එකකට රුපියල් 1200 ක් ගෙවූ බවත් ආම්පන්න නොමැතිව රුපියල් 1600 ක් ගෙවූ බවත් පෙන්වා දෙයි.

නව ක්‍රමය යටතේ කිසිදු ආම්පන්නයක් නොමැතිව වැලි සමාගම විසින් ගෙවනුයේ රුපියල් 1350 ක් බවත් ඒ මුදල යටතේ කම්කරුවන්ට ඊට අවශ්‍ය ආම්පන්න කුලියට ගෙන ජීවන වියදම පියවා ගත නොහැකි බවත් සඳහන් කරයි.

මේ හේතුවෙන් නිසි ආම්පන්න නොමැති කම්කරුවන් විසින් ඉවුරේ සිට වැලි ගොඩ දැමීම දකින්නට ලැබෙන අතර ඉන් ඉවුරු දැඩි ලෙස විනාශ වීමේ තර්ජනයකට මුහුණ පාමින් ඇත.එම කටයුතු මීට පෙර සිදුව තිබුනේ ඉවුරේ සිට මීටර් 500 ක් පමණ ගඟ මධ්‍යයේ සිටය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 15:58