May 14, 2024

ෆොන්සේකාගේ බෑනා CID එයි / කිසිදෙයක් නොදන්නා බව කියයි (VIDEO)

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනුව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදුන් බව එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ධනුන තිලකරත්න පවසා ඇත.

අද පෙරවරුවේ එම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ. සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධුරය දැරූ සමයේ අවි මිල දී ගැනීමේ දී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ධනුන තිලකරත්නට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

 

ධනුන කියන කතාව පහතින් අහන්න...

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 07:34