May 14, 2024

රහස් උමගේ වීඩියෝව මෙන්න (VIDEO) Update

වැලිමඩ කැප්පැටිපොළ බොරලන්ද මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරමින් සිටියදී හදිසියේ එහි කම්කරුවන් වෙත රහස් උමගක පිවිසුමක් හමු වී තිබේ.

දැනට තොරතුරු වාර්තා වෙන අන්දමට එම උමග දිගේ ගමන් කිරීමේදී එක් ස්ථානයකින් උමග දෙකට බෙදී තිබෙන බවත් ඒ ඔස්සේ ස්ථාන දෙකක් කරා ගමන් කිරීමේ මාර්ග සළකුණු පවතින බවත් වාර්තා වෙයි.

ඒ අනුව උමං පිවිසුමේ සිට අඩි 10 ක් පමණ යටට වන්නට මෙහි පොළොව මතුපිටට සමාන්තර අභ්‍යන්තර මාර්ගය වැටී ඇති අතර එහි මීටර් 20 ක් දිග සහ අඩි 12 බැගින් පළල මෙන්ම උස ශාලාවක හැඩයක් දැක ගැනීමට හැකි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම ශාලාව අවසානයේ තවත් උමං මාර්ග දෙකකට පිවිසුම් ඇති බවත් දැක ගන්නට ලැබී ඇත. එහි දර්ශන පහතින් නරඹන්න..

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

මේ සම්බන්ධ පෙර ලිපිය මෙතැනින්

http://sinhala.asianmirror.lk/local-news/item/10900-exclusive

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 14:25