May 14, 2024

පේසාලේ මුහුදු පතුලෙන් යන්ත්‍රයක කොටසක් හමු වේ

මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශයේ තිබී ගුවන් යානාවක කොටසක් බවට සැකකෙරෙන යන්ත්‍ර කොටසක් හමුවී තිබේ.

යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් පිරිසකගේ දැලකට ඊයේ රාත්‍රීයේ මෙය හසුව ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විම සඳහා යාපනය පොලීසිය විසින් එම යන්ත්‍ර කොටස පලාලි ගුවන් හමුදා කඳවුරට භාරදීමට පියවර ගෙන ඇත.

වන්නි - රොමේෂ් මධුෂංක
 

Rate this item
(0 votes)