May 14, 2024

"මිශ්‍ර ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්විය යුතුයි" - කීර්ති තෙන්නකෝන්

මැතිවරණ සංශෝධනයකට අවශ්‍ය තුනෙන් දෙකේ බලයක් හිමි අවසන් පාර්ලිමේන්තුවට බවත් අන්ත දූෂිත මේ මැතිවරණ ක්‍රමය වෙනස් කර මිශ්‍ර ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්විය යුතු බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මනාප ඡන්දයෙන් තොර, කේවල ක්‍රමය හා සමානුපාතික මිශ්‍ර ඡන්ද ක්‍රමයක් සඳහා පොදු එකඟත්වයක් ඇති කර ගැනීමේ අවස්ථාවක් අද උදා වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු මේ බව පැවසුවේ අද (17) රාජගිරියේ පැවති 'මැතිවරණ සංශෝධන අභියෝග ජය ගැනීම' මැයෙන් වූ වැඩමුළුවක් අමතමිණි. යෝජිත මැතිවරණ ක්‍රමය පිළිබඳ දත්ත විශ්ලේෂණාත්මක විග්‍රහයක් ද එහි දී සිදු කරනු ලැබී ය. 

අප්‍රේල් 23 න් පස්සේ මේ මැතිවරණ ක්‍රමය යටතේ ඡන්දයක් තිබීම රටේ ජනතාවගේ පැතුම නොවන බවත් ඒ සඳහා කිසිවෙකු ජනවරමක් ලබා දී නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 12:53