May 10, 2024

අගමැති අද විශේෂ ප්‍රකාශයක් කරයි

මේ වන විට උද්ගත වී ඇති ආන්දෝලනාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (17දා) දින විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ඇති.

2015පෙබරවාරි 27දින පැවැති වෙන්දේසියකදී රුපියල් බිලියන 10ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර ආන්දෝලනාත්මක ලෙස විකිණීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නිත්‍ය නියෝග 23(2) යටතේ පාර්ලිමේන්තුවේදී ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට නියමිතය.

Rate this item
(0 votes)