May 09, 2024

19 වන සංශෝධනය ගැසට් කරයි 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තාවේ.

ඊයේ (16) මධ්‍යම රාත්‍රීයේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර  කළ බව රජයේ මුද්‍රණාලය පවසයි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය පළ කර ඇත.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති ධුරයේ බලතල රැසක  සංශෝධනයන් සිදුව තිබේ.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් පත්කිරීම සඳහා ද මෙම නව  ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා වී ඇති බව සඳහන්ය.  

මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)