May 09, 2024

නව ආරක්ෂක හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් නවතයි - ඇමති රවී (VIDEO)

නව ආරක්ෂක හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් නවතා දැමීමට සිදු ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (16) කොළඹ පැවති උත්සවයකදීය.

ව්‍යපෘතියේ පවතින ගැටලු කිහිපයක් හේතුවෙන් මේ පියවර ගැනීමට සිදු ව ඇති බවත් අමෙරිකාවේ පෙන්ටගන් එකටත් වැඩිය වියදම් කරන මූලස්ථානයක් පසුගිය ආණ්ඩුව ඉදි කිරීමට යොමුව තිබූ බවත් අමාත්‍යවරයා පැවසී ය.

“ආරක්ෂක මූලස්ථානය මේ රටේ අමෙරිකාවේ පෙන්ටගන් එකටත් වැඩිය වියදම් කරන මූලස්ථානය තමයි ගිය ආණ්ඩුව හදන්න යොමු වෙලා තිබෙන්නේ. කෝටි 5000ක් වියදම් කරලා අතුරුගිරියේ මෙවැනි මූලස්ථානයක් ඇති කරන එක අද අපි නවත්වන්න වෙලා තියෙනවා. ඒ නවත්වන්න වෙලා තියෙන්නේ මේ අහිංසක ජනතාවගේ මේ ගෙවල් හදන්න පුළුවන් සල්ලි එක ස්ථානයකට අනවශ්‍ය මට්ටමට හදලා එවැනි ව්‍යාපෘති තමයි අපි නවත්වලා තියෙන්නේ. එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් අපි අහනවා මේ කැබිනට් මණ්ඩලය අවසර ලබා තිබෙනවද ? මෙවැනි වියදම් කොහෙන්ද අරන් තියෙන්නේ ? කාගෙන්ද මේ සල්ලි ලබා ගෙන තිබෙන්නේ ? මේ ඇස්තමේන්තුව කෝටි 5000 නම් ඒකේ ටෙන්ඩර් පටිපාටියක් කටයුතු කරලා තිබෙනවද? මේ ජනතාවගේ අහිංසක බදු ගෙවන්නන්ගේ සල්ලි. අපි නිකරුනේ ඕවා ව්‍යාජ මට්ටමට ඇති කරන්න එවැනි ව්‍යාපෘති අපි අවසර දෙන්නේ නැහැයි කියන එක මම මේ අවස්ථාවේදී වගකීමෙන් කියන්න කැමතියි.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 16:33