May 09, 2024

අතුරුදන්වූවන් පිළිබඳ අතුරු වාර්තාව අද ජනපතිට

අතුරුදන් වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව අද (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීමට නියමිතය.

කොමිසම දැනට සිදු කර ඇති කටයුතු පිළිබඳ හා නිරීක්ෂණ එහි ඇතුළත් වේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරු දන්වූවන් පිළිබඳ පැමිණිලි විසි දහසක් පමණ පසුගිය කාලයේ ලැබී තිබිණි.

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල සාක්ෂි සටහන් කර ගැනීමේ කටයුතුවල නිරතව සිටියි.

 

Rate this item
(0 votes)