May 09, 2024

සුරාසල් 349 ක් වසා දමන්නැයි ජනපතිගෙන් නියෝග

සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන සුරාසල් 349 ක් අද (17) සිට වසා දමන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට නියෝග කර තිබේ.

ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පාසල් සහ විහාරස්ථාන, ආගමික ස්ථානවලට මීටර් 500 ක් ඇතුළත පිහිටා තිබෙන මෙම සුරාසැල් පිළිබඳව අද පැවැති ඒකාබද්ධ නිවාරණ කමිටු රැස්වීමේදී එහි නියෝජිතයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. 

ඒ අනුව එම සුරාසැල් 349 වසාදමන ලෙසට ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර ඇත.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේද, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිතුමාද රාජ්‍ය නිළධාරිහුද මීට එක්ව සිටියහ.

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 00:46