May 09, 2024

සිරගත කළ ජීවිතයක් සඳහා වුවත් සූදානම් - ගෝඨාභය 

තමාගේ හොඳ නම නැති කිරීමට හා තමන් ඉලක්ක කරගෙන වැරදි මතයක් ගොඩ නැගීමට මේවන විට කටයුතු කරමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මේ වන විට දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන 360 දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

එය අසාධාරණ ක්‍රියාවක් බවත් තමා අත්අඩංගුවට ගතහොත් සිරගත කළ ජීවිතයක් ගත කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

යුද සමයේ තමාට තර්ජන තිබුණ බවත් එය තමාගේ ජීවිතය තිබෙනතුරා එම තර්ජන තිබෙන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසී ය.

 

Rate this item
(0 votes)