May 11, 2024

ෆුල්ෆේස් හෙල්මට් දැමූ කොල්ලකරුවන්ගෙන් තවත් මංකොල්ලයක්

සම්පූර්ණ මුහුණු ආවරණය කර ගත් හිස් වැසුම් (ෆුල්ෆේස් හෙල්මට්) පැළඳ ආයුධ සන්නද්ධ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු පිළිමතලාව නගර මධ්‍යයේදී රුපියල් 11 ලක්ෂ 66,900 ක මුදලක් කොල්ල කා පළා ගොස් තිබේ.

කඩුගන්නාව පොලීසිය සදහන් කළේ බැංකුවක තැන්පත් කිරීම සදහා රැගෙන එමින් සිටි මුදල් පිළිමතලාව නගර මධ්‍යයේදී මෙලෙස කොල්ල කා ඇති බවය. අද පෙරවරු 11.30 ට පමණ මෙම සිදු වීම ඇති වී තිබේ

සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායම් විමර්ශන අරඹා ඇති අතර මේ වන තෙක් කොල්ලකරුවන් පිළිබඳ අනාවරණය වී නොමැත.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 21:56