May 12, 2024

නව මැතිවරණ ක්‍රමයෙන් පා.ම ධූර ගණන 250 ක් වෙයි ද?

සුළු ජාතික පක්ෂවලට හානියක් නොවන අයුරින් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව 250 දක්වා ඉහළ දැමිය යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කර ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා මෙම යෝජනාව සිදුකර ඇත්තේ මැතිවරණ ක‍්‍රමයේ සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සමඟ අද (16) පැවැති සාකච්ඡාවේදීයි.

තවද කථානායක චමල් රාජපක්ෂ මහතා, විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා, සියලූ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නායකයින් සහ ලේකම්වරුන් මීට එක්ව සිටියහ. නීතිපති ඇතුළු නිලධාරිහුද සහභාගී වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී මැතිවරණ ක‍්‍රමය සංශෝධනය සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා සතියක් තුළ තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇත.
 

Rate this item
(0 votes)