May 11, 2024

නාවල ඇළෙන් මිනිස් අතක් හමු වේ

කොළඹ නාවල ප්‍රදේශයේ නාවල ඇළේ පා වෙමින් තිබූ මිනිස් අතක කොටසක් අද සවස 6.30 ට පමණ සොයා ගත් බවත් එහි ඇඟිලි හතරක නියපොතු නොතිබූ බවත් පොලිසිය පැවසීය.

මෙය වම් අතේ කොටසක් වන අතර එහි බාහුව දක්වා ඇති බවත් පොලිසිය පැවසීය. පහත් බිම් සංවර්ධන අංශයට අයත් කම්කරුවන් පිරිසක් මෙම ඇළ මාර්ගය පිළිසකර කරමින් සිටියදී මෙම මිනිස් අත හමු වී ඇත.

දෙමටගොඩ සිරිධම්ම මාවතේ ඇළකින් සෙනසුරාදා හමු වූ පා දෙක හිමි පුද්ගලයාගේ අතක කොටසක් මෙය විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.

Rate this item
(0 votes)