May 11, 2024

ඊයේ රාත්‍රියේ කරනවා කියූ ‘ ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම’ තාමත් නැහැ

19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ (15) කැබිනට් අනුමැතිය හිමි වූ අතර එය ඊයේ  රාත්‍රියේම ගැසට් කිරීමට තීරණය ගෙන තිබුණත් මෙතෙක් සිදුව නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා විය.

සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව අදාළ 19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය මෙලෙස ගැසට් කිරීමෙන් අනතුරුව දින 07 ක කාලයකින් පසුව පාර්ලිමේන්තුවේ දිනයක් නියම කර විවාදයට ගැනීම සිදු වෙයි.

එහෙත් මීට අදාළ කැබිනට් තීරණ ගැනීම සිදු වී තිබුණේ ඉකුත් 12 වැනිදා හෝ 13 වැනිදා වැනි දිනක හේතුවෙන් මෙහි ගැසට් කිරීමේ දිනය පිළිබඳවද මේ වන තෙක් නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

ඒ අනුව එකී දිනයේ වෙනසක් සිදුව තිබුණහොත් ඊයේ දින සිට නොව එකී දින සිට දින 07 ක කාලයක් (පාර්ලිමේන්තු විවාදයට) ගණන් තැබීමටද පියවර ගනු ඇති බවයි එම තොරතුරු වාර්තා පෙන්වා දුන්නේ.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවද එජාපයේ අභ්‍යන්තර මතය වී ඇත්තේ ජනපති ධූරයට හිමි බලතල උපරිම ලෙස කප්පාදු විය යුතුයි යන්න බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේවෙතත් මේ වන විට එම ධූරයට හිමි අත්තනෝමතික බලතල කිහිපයක් පමණක් අහිමි වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 16:48