May 11, 2024

අගමැති රනිල්ව ඉන්දීයාව ඉදිරියේ උතුරු මහඇමති විවේචනය කරලා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීමට ලංකා නාවික හමුදාවට අයිතියක්‌ ඇති බවට කළ ප්‍රකාශය විවේචනය කරමින් උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් ඉන්දීය රූපවාහිනි චැනලයකට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා දී පවසා තිබේ.

ඉන්දීය අගමැතිවරයාගේ යාපනය සංචාරය ආවරණය කිරීමට පැමිණි විදේශීය නාලිකා සමග මෙම සාකච්ඡාව සිදුකර ඇත.

රජයේ ප්‍රධානියා ලෙස අගමැති වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අනුමත කළ නොහැකි බවයි එහිදී උතුරු මහඇමති විග්නේෂ්වරන් මහතා පවසා ඇත්තේ.

ඉන්දියාව වැනි මිතුරු රටක ධීවරයන්ට වෙඩි තැබීම ගැන කළ ප්‍රකාශයට තමන්ට එකඟ විය නොහැකි බව විග්නේෂ්වරන් මහතා වැඩි දුරටත් පවසා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 14:30