May 12, 2024

බිරිඳගේ වරදට අනුබල දුන්නේ විමල් වීරවංශයි

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට එල්ලවී ඇති චෝදනා සමබන්ධයෙන් වරදට ආධාර සහ අනුබල දුන්නේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා බව සඳහන් වෙයි.

ඒ හේතුවෙන් පරික්ෂණ කඩිනම් කරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව කඩුවෙල මහනගර සභවේ නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා පැවසීය.
අදාළ නඩුව මේ වන විට විභාග වෙමින් පවතින නමුත් ඒ සඳහා ආධාර සහ අනුබල දුන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට කිසිදු චෝදනවක් නොමැති බව මේ වන විට පෙනී යන බවද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පිටතට පැමිණි ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

ආගමන විගමන පන‍තේ 45/E  වගන්තිය අනුව අනුබලදීම වරදක් බවත්, අදාළ පනත ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමා ඉල්ලා සිටි බවත් ඒ මහතා එහිදී සඳහන් කර සිටියේය. 

Rate this item
(0 votes)