May 12, 2024

බණ්ඩාරවෙල ගලහිටියාව ගිලා බැසිමෙන් පවුල් 23ක් අවතැන් (VIDEO)

බණ්ඩාරවෙල, අඹදණ්ඩෙගම, ගලහිටියාව ගිලා බැසීමට ලක් වූ ප්‍රදේශයේ පවුල් 23 කට අයත් පුද්ගලයින් 90 දෙනෙකු එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මාධ්‍ය) සරත් ලාල් කුමාර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ගිලා බැසීම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සඳහා පරීක්ෂණ සිදු කිරීමට මේවන විට පරීක්ෂණ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

මේ හේතුවෙන් දේපළ හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවත් මෙලෙස අවතැන් වූ පුද්ගලයින් මේ වන විට සිය ඥාති නිවෙස්වල රඳවා සිටින බවත් වාර්තා වේ.

එම ප්‍රදේශයේ අඩි 25 ක පමණ විශ්කම්භයකින් යුත් භූමියක් මෙලෙස ගිලා බැසීමට ලක්ව ඇති බව  වාර්තා විය.

 

Rate this item
(0 votes)