May 03, 2024

ජාත්‍යන්තර පරීක්ෂණය රටට නින්දාවක් - චන්ද්‍රිකා ජාත්‍යන්තර සමුළුවකදී කියයි

යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව විරුද්ධ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඒ  සම්බන්ධයෙන් රට අභ්‍යන්තරයේ පරීක්ෂණයක් පැවැත්විය යුතු  බවත් අදාළ පරීක්ෂණයට එක්සත් ජාතීන්ගේ සංවිධායෙන් තාක්ෂණික සහ ශීල්පීය දැනුම ලබා ගන්නා බවත් කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ඩුබායිහී පැවැත්වුණු අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සමන්ත්‍රණයකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ බව පවසා තිබේ.

එසේම ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වුවහොත්  රට අභ්‍යන්තරයේ ස්වාධීන පරීක්ෂණයක් කර ගැනීමට නොහැකි තත්ත්වයක මතයක් ගොඩ නැගෙන බවත්, එය ශ්‍රී ලංකාවට නින්දාවක් ගෙන දෙන කාරණයක් බවත් කුමාරතුංග මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 12:48