May 03, 2024

මිග් යානා ගණුදෙනුව ගැන විමර්ශන අරඹයි - තවත් මහා පරිමාණ මුල්‍ය වංචා 12ක් ගැන අවධානය

2006 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා හතරක් මිලදී ගැනීමේදී ලක්ෂ 145ක් වංචාවක් සිදුවූ බවටත් ලද පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මිග් යානා ගණුදෙනුව පිළිබඳ විමර්ශන ආරම්භ කළද ඊට ආදලව දැනට පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන නොමැති බවත් විමර්ශන කටයුතුවලදී හෙළිවන තොරුතුරු අනුව එම කටයුතු මෙහෙයවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.  

මේ අතර මහා පරිමාණ මුල්‍ය වංචා අපරාධ විමර්ශණ කොට්ඨාසයට මේවන විට ලැබී ඇති පැමිණිලි අනුව මූල්‍ය වංචා 12ක් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද ඊට අදාළ පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය.  

කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදි කිරීමේ දී ඩොලර් මිලියන 122ක (රුපියල් කෝටි 1610.4) අක්‍රමිකතාවක් සිදුවූ බවටත්, ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මීට අමතරව රජයට ඩොලර් මිලියන 200ක පාඩුවක් සිදුවී ඇති හෙජිං තෙල් ගිවිසුම පිළිබඳව හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දිවි නැගුම ව්‍යාපෘතියේ 2014 වර්ෂයේ ජාතික මහා සම්මේලනය සඳහා රුපියල් මිලියන 63ක් වැය කිරීමට අදාළව සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 11:47