May 04, 2024

ජනපති අද නිදහස් පක්ෂ සංවිධායකවරුන් හමුවෙයි‌ 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සවස 5.00 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක්‌ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මුහුණදිය යුතු ආකාරය සාකච්ඡා කිරීමට නියමිත බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

මේ අතර හෙට (17) පෙ.ව. 11.00 ට විපක්‍ෂ නායක නිමල් සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විපක්‍ෂ නායක කාර්යාලයේදී විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවක්‌ ද පැවැත්වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 07:04