May 04, 2024

ජවිපෙ හදිසි මධ්‍යම කාරක සභාවක්‌ කැඳවයි 

ජනතා විමුක්‌ති පෙරමුණ අද (16) විශේෂ මධ්‍යම කාරක සභාවක්‌ කැඳවා ඇති බව වාර්තාවේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය ඇතුළු පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම මධ්‍යම කාරක සභාව කැඳවා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.‌ 

මෙහිදී 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳවත් මැතිවරණ ක්‍රමය පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතය.

ජනතා විමුක්‌ති පෙරමුණ ඉදිරියේදී කෙසේ කටයුතු කළ යුතුද යන්න මෙම විශේෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බවත් එහිදී විශේෂ තීන්දු තීරණ ගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. 

Rate this item
(0 votes)