May 04, 2024

හම්බන්තොට සහ මත්තල පුද්ගලික අංශයට පවරන්න එපා - නාමල්

හම්බන්තොට වරයා හා මත්තල ගුවන් තොටුපොළ පෞද්ගලීකරණය නොකරන ලෙස විරෝධතාවයකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පසුගිය රජය විසින් සිදු කළ සංචර්ධන ව්‍යාපෘති නතර නොකොට අඛණ්ඩව ඉදිරියට ගෙනයන ලෙසත් දෙබරවැව ප්‍රදේශයේ පැවැති විරෝධතාවයකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩි දුරටත් පැවසීය.

හෙතෙම පෙන්වා දෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉල්ලීම හා අපේක්ෂාව මෙය වන බවය.

“ හිටපු ජනාධිපතිතුමාගේ කාලය තුළ දකුණු අධිවේගී මාර්ගය අාරම්භ කරන්න කටයුතු කරලා තිබුණා. දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ ඒ අධිවේගී මාර්ගය නැවත පටන් ගන්න.” යනුවෙන්ද පැවසීය. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 22:10