April 28, 2024

රන් බිස්කට් රැගෙන රේගුවෙන් බේරුණු දෙදෙනා CID යට කොටු

රුපියල් එක්කෝටි 30 ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් මැදපෙරදිග සිට මෙරටට රැගෙන පැමිණි දෙදෙනෙක් අද කටුණායක ගුවන් තොටුපල පිවවීම් පරිශ්‍රයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගත්හ.

සව්දි අරාබියේ රියාද් නුවරින් පැමිණ ඇති මොවුන් ලංකාවේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

කටුණායක ගුවන් තොටුපල සෝදිසි කිරීම් අවසන්ව ගුවන් තොටුපලින් එළියට පැමිණි මොවුන් දෙදෙනා අත්අඩංගුවට පත් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීය.

ටී.කේ.ජී කපිල - කටුණායක

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 18:42