April 28, 2024

ජනපති මෛත්‍රී මැතිව්ස් ඇතුළු කණ්ඩායමට ස්කයිප් ඔස්සේ සුබ පතයි (Photo)

මේ වන විට අවසන් ජයග්‍රාහි කණ්ඩායම් අට අතරට තේරි පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිරකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්  ඇතුලු කණ්ඩායම සමග අද (15) දහවල් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපතිතුමා සිය සුබපැතුම් පිරිනැමීය.

2015 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායිද එහිදී ප්‍රාර්ථනය කළේය.

එමෙන්ම 2015 ලෝක කුසලාන තරගාවලිය තුළ සුවිශේෂි දක්ෂතා දක්වමින් ලෝක වාර්තා කිහිපයක් පිහිටවූ කුමාර සංගක්කාර ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරිම වෙනුවෙන් ඔහුට සිය ස්තූතිය පළ කර සිටියේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මඩුල්ලද එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 17:52