April 28, 2024

ඇමති රාජිතගෙන් සිය දියණිය ඉල්ලා පියෙක් වැලපෙයි (VIDEO)

තමාගේ දියණිය වන දිනිති ආලෝකා රණසිංහව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතා විසින් හිර කරගෙන සිටින බවත් ඇතිවෙන බලපෑම් ඉවසා ගත නොහැකි නිසා මේ පිළිබඳ මාධ්‍යට පවසා මාධ්‍යයේ සහය බලාපොරොත්තුවෙන් මෙතනට පැමිණි බවත් පියෙකු විසින් අද දහවල් කොළඹදී මධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

ගෑණු දරුවෙකු නිසා ලැජ්ජාව හේතුවෙන් මෙතෙක් මෙම සිදුවීම සඟවාගෙන සිටි බවත් කුරුඳුවත්ත පොලිසියේ සහ ළමා හා කාන්තා කාර්යාංශයේ මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවත් පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අනුදැනුම යටතේ තම දියණියව ඇමතිතුමාගෙ බිරිඳ විසින් රඳවාගෙන ඇති බවත්ය.

මේ පිළිබඳව ඒෂියන් මිරර් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් සිදු කළ විමසීමකදී එහි නිලධාරීයෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවය.

කෙසේවෙතත් ඇමති රාජිත සහ මෙම සිද්ධියට සම්බන්ධ දියණියගේ පියා වන ගාමිණී රණසිංහ කලක පටන් සමීප මිතුරන්ව හිඳ ඇති බවත් එහිදී දරුවන් අනොන්‍ය වශයෙන් හඳුනාගෙන සිටි බවත් වාර්තා වෙයි.

වීඩියෝව පහතින් නරඹන්න 

Rate this item
(0 votes)
Last modified on Sunday, 15 March 2015 16:50