April 28, 2024

බලය බෙදා හැරීම ගැන ‘මෝදි’කොළඹට පණිවුඩයක් දුන්නා - උතුරු මහ ඇමති

මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාපිත වෙනසක් ඇති කිරීම තුළින් වැඩි බලය බෙදා හැරීමක් සඳහා යොමු වීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ උතුරු පළාත් මහ අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් අතර සාකච්ඡාවේදී සඳහන් වූ බව උතුරු පළාත් මහ අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා සඳහන් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම තුළින්ද බලය බෙදා හැරීම සඳහා කොළඹට පණිඩුඩයක් ලබාදුන් බවයි උතුරු පළාත් මහ අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා පෙන්වා දෙන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යාපනයේ සංචාරයෙන් පසුව පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවමාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

 

Rate this item
(0 votes)